Sunday, July 29, 2012

සිරකරුවෝ...........

නිදහස් සිතුම් සිතේ තෙරපාගෙන
කලාව සිතින් උදුරා විසිකර....
හිතේ හැඟුම් ලොවට වසන්කර....
බලාපොරොත්තු ඉසේ පොදි බැඳගෙන......
හෘද සාක්ෂිය මරා වලදමා...
අවංකකම, බලය, ප්‍රසිද්ධිය පසුපස ලුහුබඳින කුහක ජීවිත...
ඉතින්.... අප අපි තුලම සිරකරුවන් නොවේද.....???

නුවර එකා බ්ලොග් ලියන්න ආව හැටි........

නුවර එකා
මම ඉස්සර වෙලාම මම කවුද කියල කියලා ඉන්නම්... මම තමයි "නුවර එකා". නුවර එකා කියන්නේ නුවර ඉපදිච්ච නුවර හැදුනු වැඩුනු ඉස්කෝලෙ ගිය කොල්ලෙක්. උසස් පෙළ තිත්ත වෙනකල්ම ලියලා සරසවියට ගිහින්... එහේ අවුරුදු තුනක උපාධියක්  අවුරුදු හතරක් තිස්සේ කරලා ඇවිත් ඉන්න කෙනෙක්...ඒක බරපතල වැඩ එක්ක අවුරුදු හතරක් හිරේ ගියා වගේ වැඩක්...නමුත් සුන්දර නැවුම් මතකයන් එක දිගට ජීවිතේට එකතුවුන කාලයක්..එකෙන් මුලු සරසවි ජීවිතේම සුන්දර එකක් කියන එක අදහස් වෙන්නෙ නෑ. බියකරු ශෝකජනක කාල වකවානු නොතිබුනාම නෙවෙයි..කලකිරුණු අවස්ථා නැතුව නෙවෙයි.නමුත් ජීවිතේට ගොඩක් අත්දැකීම් ලබා ගත්තා.මිනිස්සු නොමිනිස්සු අදුරගත්තා. ඒ නිසා නුවර එකාට වටපිට සමාජ දැනුම වගේම සරසවි සමාජය ගැන හොඳ දැනුමක් තියනවා.නුවර එකා විෂයක් විදිහට හැදෑරුවේ පරිගණක විද්‍යාව. පරිගණක ගැටලු ගැනත්,අලුත් තාක්ෂණයත් ගැන හොඳ අවබෝධයක් තියනවා. ඒ නිසා ඒ දේවල් වලිනුත් උදව් කරන්න නුවර එකා ලෑස්තියි.

නුවර එකා බ්ලොග් ලියන්න ආධුනිකයෙක් ඒ නිසා අනිත් අයගේ දිරිගැන්වීම් නුවර එකා ගොඩක් අගය කරනවා.නුවර එකා බ්ලොග් ලිවිල්ලට ඇදිලා ආවේ අමුතු විදිහකට.ඒකත් කියන්නම් නුවර එකා ගොඩක් කරදර තියන කෙනෙක්. නමුත් අභියෝග හමුවේ පහුබහින්නෙ නෑ... නමුත් නුවර එකා හොඳටම අසනීප වෙලා හිටිය දවසක මේ ප්‍රශ්න ගැන කල්පනා කරකර ඉන්නකොට නුවර එකාගේ හොඳම යාලුවෙක් තරහවෙලා සදහටම යන්න ගියා. ඒක ගැනත් ටිකක් කියනවා නම් වෙනදා වගේම නුවර එකා තමයි වැරදිකාරයා.... යාලුවා දුන්න හේතු කිසිම සාධාරණයක් නෑ... නිකම් හදාගත්ත ඒවා වගයක්.. නමුත් නුවර එකා යාලුවන් ගැන කිසිම අහිතක් හිතන්නෙ නෑ... නමුත් ඇත්ත හේතුව කියලා තරහවුනත් කමක් නෑ... කමක් නෑ යාලුවගේ සතුට තමයි නුවර එකාගෙත් සතුට....නමුත් නුවර එකා දැන්නම් ඉන්නෙ ගොඩක් ලොකු කළකිරීමකින්.... ඉතින් මේ ප්‍රශ්න වලින් ටිකකට හරි මිදිලා හිත සැහැල්ලු කරගන්නයි. බ්ලොග් ලිවිල්ලට ඇදිලා ආවේ.ඒක නව ආරම්භයක,යහපත් අනාගතයක අත්තිවාරම වෙයි කියලා නුවර එකා හිතනවා.

අනිත් කාරණය තමයි නුවර එකා ඇත්ත කතාකරන, ඇත්ත අගය කරන කෙනෙක්....ඒ වගේම කරුණාවන්ත කෙනෙක්... ඉතින් නුවර එකාගේ අතීත අත්දැකීම්,වර්තමාන ඒවා, අනාගත එවා ඔයාල එක්ක බෙදා හදා ගන්න කැමතියි. මේ ගමන සුබ එකක් වෙන්න කියලයි නුවර එකාගේ ප්‍රාර්ථනාව..........